WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීනයේ කොරෝනා සීමා ගැන ඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන් දැඩි විවේචන

Thu, 10 February 2022- Page Views : 0 results

බීජිංහි පැවැත්වෙන සීත සෟතු ඔලිම්පික් උළෙලේ දී අනුගමනය කෙරෙන කොරෝනා සීමා කිරීම් ඊට සහභාගිවන ක්‍රීඩකයන්ගේ සහ නිලධාරින්ගේ දැඩි විවේචනයට ලක්වෙමින් ඇතැයි වාර්තා කර ඇත.

සීඑන්එන් පුවත් සේව⁣ය වාර්තා කරන්නේ යම් ක්‍රීඩක⁣යෙකු හෝ නිලධාරියෙකු කොරෝනා පරීක්ෂණයකදී ධනාත්මක වුවහොත් ඔහුව හෝ ඇයව සති ගණනාවක් හුදකලා කර නිරෝධායනය කෙරන බව සදහන් කර ඇත.

එහිදී සැපයෙන ආහාරපාන ආදිය ද කිසිසේත්ම සැහීමකට පත් විය නොහැකි මට්ටමක ඇති බව එම තත්වයට මුහුණ දුන් පිරිස් ප්‍රකාශ කර තිබෙ. ඇමරිකාව වැනි ඇතැම් රටවලින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරින් අසාමාන්‍ය ලෙස දිනපතා කොරෝනා පරීක්ෂණවලට ලක් කෙරෙන බව ද එම වාර්තාවේ සදහන් කර ඇත.

මෙම තත්වය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි පින්ලන්ත ජාතික පුහුණුකරැවකු සීඑන්එන් සේවයට පවසා තිබුණේ. මේ වනවිට බිජිං සීත සෟතු ඔලිම්පික් උළෙලට සහභාගීවීමට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ,නිලධාරින් පුහුණුකරැවන් ඇතුළු 160 ක පමණ පිරිසක් කොරෝනා අසාදිතයන් බවට පත්වී තිබේ.

චීනය විසින් කොරෝනා පාලනය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර එරට නගර ගණනාවක් තවමත් පවතින්නේ පූර්ණ හෝ අර්ධ අගුළුලෑම්වලට යටත්ව පවති.