ශ්‍රී ලංකා – ඉන්දියා තරගාවලියේ වෙනසක්
Thu, 10 February 2022- Page Views : 0 results
මෙම මස අගට යේදී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඉන්දීය තරග සංචාරය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණත්, එය දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ආරම්භ කිරීමට මේ වන විට සැලසුම්කර තිබේ.
ඉන්දීය කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමගින් එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වී සිටීම හා ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව සමගින් විස්සයි විස්ස තරග පහකට සහභාගි වී සිටීම හමුවේ එම සංචිතයන්ට ජෛව ආරක්ෂණ බුබුලු අතර හුවමාරු වීමේ පහසුව තකා අදාළ වෙනස්කම සිදුකළ බව සදහන් කර ඇත.
ඒ අනුව දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය පෙබරවාරි 24 වැනිදා ලක්නව්හිදී ආරම්භ වේ. තරගාවලියට අයත් දෙවැනි හා තෙවැනි තරග ධර්මසාලාහිදී පැවැත්වෙන අතර ඒවා පිළිවෙලින් 26 සහ 27 වැනිදා පැවැත්වෙනු ඇත.
මේ මස 25 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණු ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 03 වැනිදා මොහාලිහිදීත්, දෙවැනි තරගය 12 වැනිදා බැන්ගලෝර්හිදීත් පැවැත්වීමට නියමිතව ඇත.