WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වනිඳුට කෝටි ගණනක ලන්සුවක්...

Sat, 12 February 2022- Page Views : 0 results

මෙවර පැවැත්වෙන ඉන්දිය ප්‍රිමියර් ලීග් හෙවත් IPL ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද ආරම්භ වනවා. ඒ, බැංගලෝර් හිදීයි. මෙවර තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 1,214 දෙනෙකු ලියාපදිංචි වී තිබූ අතර ඉන් තෝරාගෙන ඇත්තේ ක්‍රීඩකයින් 600 ක් පමණ බව සදහන් කර ඇත.

ඒ අතරට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 23 ක් ඇතුලත්. වැඩිම වටිනාකමක් හිමිවී ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ වනිඳු හසරංගයි. ඔහුගේ මූලික ලන්සුව ඉන්දීය රුපියල් කෝටි එක හමාරක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙකෝටි හැට නව ලක්ෂයකට අධික බව සදහන් කර ඇත.

තෝරාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතරට මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොගත් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ හා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද අයත් බව සදහන් කර ඇත.

මීට අමතරව ජාතික කණ්ඩායම නියෝජනය කරන චරිත් අසලංක, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, අවිෂ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න මෙන්ම භානුක රාජපක්ෂ ද ක්‍රීඩක වෙන්දේසියට තෝරාගෙන තිබේ.

ඒ අතරින් වැඩි අවධානයක් යොමුවී ඇත්තේ වනිදු හසරංග, චරිත් අසලංක සහ දුෂ්මන්ත චමීරටයි. මෙවර තරගාවලියට අළුත් කණ්ඩායම් 02 ක් එක් වනු ඇත.

ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ ගුජරාට් ටයිටන්ස් නමින්. මෙවර පැවැත්වෙන ඉන්දිය ප්‍රිමියර් ලීග් හෙවත් ෂඡඛ ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය හෙට දිනයේ ද පැවැත්වීමට නියමිතව ඇත.