WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආදර වන්තයන්ගෙ දිනේටත් ඩොලර් හරස් වෙයිද?

Sun, 13 February 2022- Page Views : 0 results

රටේ පවතින ඩොලර් හිඟය සහ පනවා තිබූ ආනයන සීමා හේතුවෙන් පෙබරවාරි 14 වැනිදාට යෙදී ඇති ආදරවන්තයන්ගේ දිනය ඉලක්ක කරගෙන අලෙවි කරන සැරසිලිවල මිල ගණන් පෙරට සාපේක්ෂව සියයට සියයකින් ඉහළ ගොස් ඇති බව ව්‍යාපාරිකයෝ සදහන් කර ඇත.

ඔවුන් පවසන්නේ මෙම සැරසිලි බොහෝමයක් චීනයෙන් ආනයනය කරන නමුත් පැවැති වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මෙම තොග කිසිවක් ආනයනය නොකළ බව සදහන් කර ඇත.

වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සමයේ ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් උත්සව අවස්ථා පැවැත්වීම තහනම් කර තිබුණ ද මෙම වසරේ දී එවැනි තහනමක් නැති බැවින් මේ වන විට ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් යොදා ගන්නා සැරසිලි සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව ව්‍යාපාරිකයෝ සදහන් කර ඇත.

මේ වන විටත් විවිධ සැරසිලි සහ තෑගි භාණ්ඩ සඳහා ඇණවුම් විශාල වශයෙන් ලැබෙමින් පවතියි. තවද මෙම කාලසීමාවේ දී අධික ඉල්ලුමක් පවතින රතු රෝස මලක මිල රසායනික පොහොර ගැටලුව හේතුවෙන් රුපියල් 200ත් 300ත් අතර මිලකට ඉහළ ගොස් තිබේ.

රතු රෝස මලක පෙර මිල පැවති ඇත්තේ රුපියල් 80ත් 100ත් අතරය. වගාකරුවන් පවසන්නේ මේ දිනවල දී රතු රෝස සඳහා අධික ඉල්ලුමක් පවතින නමුත් පොහොර නොමැති හෙයින් පෙර පරිදි රෝස මල් අස්වැන්නක් ලබාගැනීමට නොහැකි වූ බැවින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකිව ඇති බවයි.

ඒ හේතුවෙන් මේ වන විටත් ස්වාභාවික රතු රෝස මල් වැඩි ගණනක් චීනයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කර තිබේ. මින් පෙර ආදරවන්තයන්ගේ දිනවල දී මිලියන ගණනින් අලෙවි වන රතු රෝසවලට සාපේක්ෂව මෙම වසරේ දී කෘත්‍රිම රතු රෝස සඳහා පවතින ඉල්ලුම වැඩි වී තිබේ.