වැරදි විනිසුරු තීරණ මැද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ඔස්ටේ්‍රලියාවේදී කුඩම්මාගේ සැලකිලි
Mon, 14 February 2022- Page Views : 0 results
ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියාව 20 යි 20 ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ඔස්ට්‍රේලියාව වෙත ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එරට ක්‍රිකට් බලධාරීන් විසින් කුඩම්මාගේ සැලකිලි දක්වා ඇතැයි වාර්තා වේ.
මේවනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා ඇතුළු විධායක කමිටු නිලධාරීන් කිහිපදෙනෙකු ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් කුඩම්මාගේ සැලකිලි දැක්වීම හේතුවෙන් ඔවුන්ට ඊයේ තරගය නැරඹීමට සිදුවූයේ ද සිඩ්නි ක්‍රීඩාංගනයේ සාමාන්‍ය ප්‍රේක්ෂකාගාර තුළ සිටයි.
සාමාන්‍යයෙන් විදෙස් රටක ක්‍රිකට් නිලධාරීන් කණ්ඩායමක් පැමිණිය හොත් සත්කාරක රට එම නිලධාරීන් සඳහා ඉහළ ආගන්තුක සත්කාර දැක්වීම සාමාන්‍ය සම්ප්‍රදායයි. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ද විදෙස් කණ්ඩායම් මෙරටට පැමිණෙන අවස්ථාවලදී එම රටවල ක්‍රිකට් බලධාරීන්ට ඉහළ ආගන්තුක සත්කාර දක්වනු ලබයි. එවන් පසුබිමක ඕස්ට්‍රේලියාවේදී සිය නිලධාරීන්ට මෙවැනි අඩු සැලකිල්ලක් දැක්වීම කණගාටුදායක බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.
සිඩ්නි ක්‍රීඩාංගනයේ ඊයේ පැවැති තරගයේ සුපිරි පන්දු වාරයේදී ජය ගත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. එම තරගයේදී ලබාදුන් ඇතැම් තීරණ පිළිබඳව ද දැඩි විවේචන එල්ල වී තිබේ. ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා 03 වන පන්දුවාර 20 ක්‍රිකට් තරගය හෙට දිනයේ කැන්බරාහිදී පැවැත්වීමට නියමිතයි.