WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පූර්ණ තරඟාවලි පරාජයකින් ගැලවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ අද මෙල්බර්න් පිටියට

Sun 20 February 2022- Page Views : 0 results

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පස්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද පැවැත්වේ. ඒ, මෙල්බර්න්හිදීයි. දිවා රාත්‍රී තරඟයක් වන මෙම තරඟය මෙරට වේලාවෙන් පෙරවරු 11.40 ට පමණ ආරම්භ වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැනටමත් 04 ට බිංදුවක් ලෙස මෙම තරඟාවලිය ජයගෙන තිබේ. ඒ අනුව පූර්ණ තරඟාවලි පරාජයක අවමානයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජයගත යුතුවේ.

අද තරඟයේදී නවක ක්‍රීඩක ජනිත් ලියනගේට බොහෝ දුරට ශ්‍රී ලංකා පිලේ ස්ථානයක් හිමිවනු ඇති බවටයි වාර්තා පළ කර ඇත.

ඒ, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක වෙනුවටයි.