හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට
Mon 21 February 2022- Page Views : 0 results
ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇතැයි වාර්තා වනවා. ඒ, ඉන්දියාව සමග පැවැත්වෙන තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා බව සදහන් කර ඇත.
ඕස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගී වූ ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් ද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. ශ්‍රී ලංකා පිළ ඉන්දීය සංචාරයේදී පන්දුවාර 20 යි 20 තරග 03 කට සහ ටෙස්ට් තරග 02 කට සහාභාගී වීමට නියමිතයි. පළමු පන්දුවාර 20 යි 20 තරගය පෙබරවාරි 24 වනදා ලක්නව්හිදී පැවැත්වීමට නියමිතව ඇත.
දෙවන 20 යි 20 තරගය පෙබරවාරි 26 වනදාත්, 03 වන සහ අවසන් පන්දුවාර 20 තරගය පෙබරවාරි 27 වනදා ධරම්සාලාහිදී පැවැත්වීමට නියමිතව ඇත.
ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය මාර්තු මස 04 වනදා මොහාලිහිදී ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරගය මාර්තු මස 12 වනදා බෙංගාලුරුහිදී පැවැත්වීමට නියමිතව ඇත.