WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වනිදුට ඉන්දීය සංචාරය අහිමි වෙයි...

Wed 23 February 2022- Page Views : 0 results

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතව ඇති විස්සයි-20 තරගාවලිය අහිමි වී තිබේ.

ඒ ඔහු තවමත් කොවිඩ් -19 වෛරසයෙන් මෙතෙක් පුර්ණ සුවය ලබා නොමැති වීම හේතුවෙන්. ඕස්ට්‍රේලියාවේ දී කොවිඩ් වෛරසය ආසාදනය වූ වනිදු හසරංග සිය අනිවාර්ය දින 07ක නිරෝධායන කාලයෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණයේදී තවමත් වෛරසය ආසාදනය වී සිටින බවයි හෙළිවී ඇත.

මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින වනිදු හසරංග හට ඉන්දියාව බලා යෑමට අවසර හිමිව නැහැ. ඒ අනුව ඔහුට ඉන්දීය විස්සයි 20 තරගාවලිය අහිමිවනු ඇත.

වනිදු හසරංග මීට පෙර ඕස්ට්‍රේලියාවේදී කොවිඩ් -19 වෛරසය ආසාදිත බවට හෙළිවීමෙන් පසුව ඔහුට ඔස්ට්‍රේලියානු තරගාවලියේ අවසන් තරග තුන අහිමි වී ඇත.