සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු තරගය අද.
Thu 24 February 2022- Page Views : 0 results
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනු ඇත. ඉන්දියාවේ ලක්නව් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය ආරම්භවීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් රාත්‍රී 7 ට පැවැත්වනු ඇත.
අද තරගය සදහා කුසල් මෙන්ඩිස්ගේ සහ මහේෂ් තීක්‍ෂණගේ සහභාගිත්වය අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ. කුසල් මෙන්ඩිස්ට අද තරගයට එක්විය නොහැකි වුවහොත් පැතුම් නිස්සංක සමගින් ධනුෂ්ක ගුණතිලක පිටියට පිවිසීමේ වැඩි ඉඩක් පවතින බව සදහන් කර ඇත.
ආබාධයකට ලක්ව සිටින මහීෂ් තීක්ෂණ වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම හා නවක ක්‍රීඩක අෂේන් ඩැනියෙල් අතරින් දෙදෙනෙකුට අද දිනයේ අවස්ථාව හිමිවනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පැවසුවේ මෙම තරගාවලියේදී ඉන්දියාවෙන් ප්‍රබල අභියෝගයක් තමන් බලාපොරොත්තු වන බවත්, ඊට ඉහළ මානසිකත්වයකින් යුතුව මුහුණදීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානමින් පසුවන බව සදහන් කර ඇත.
දෙරට අතර මේවනවිට 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය 22ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 14 ක්ම ජයගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි‘. තරග 07 ක ජය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. අනෙක් තරගය නිමාවී ඇත්තේ ජය පරාජයෙන් තොරවය.
මේ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරග 02 ක් ද පැවැත්වීමට නියමිතයි. එහි පළමු තරගය මාර්තු 04 වනදා සහ 02 වන තරගය මාර්තු 12 වනදා පැවැත්වෙනු ඇත.