T-20 තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 62 ක පරාජයක්
Fri 25 February 2022- Page Views : 0 results
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි 20 තරඟයෙන් ලකුණු 62 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 දී ලකුණු 199 ක් රැස් කර ඇත.
එහිදී ඉෂාන් කිෂාන් වේගවත් ලකුණු 89 ක් සහ ෂේයශ් අයියර් නොදැවී ලකුණු 57 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 දී රැස්කරගත හැකි වූයේ ලකුණු 137 ක් පමණ බව සදහන් කර ඇත.
නොදැවී පන්දුවට පහර දුන් චරිත් අසලංක ලකුණු 53 ක් රැස් කළා. දුෂ්මන්ත චමීර පන්දු 14 කදී නොදැවී ලකුනු 24 යි. දෙරට අතර දෙවන පන්දුවාර 20 යි විස්ස තරඟය හෙට පැවැත්වීමට නියමිතව ඇත.