ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සිදුවී ඇත්තේ සහෝදර මන්ත්‍රිවරියකට එල්ල වූ වාච්ක හිංසනයක් මැද
Wed, March 9, 2022- Page Views : 0 results
ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන අද වැනි දිනයක එම සැමරීම සිදුකිරීමට සිදුවී ඇත්තේ තම පක්ෂයේ සිටි සහෝදර මන්ත්‍රිවරියකට එල්ල වූ වාච්ක හිංසනයක් මැද බව සමගි ජන බලවේගයේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරල ප්‍රකාශ කර සිටිනවා.
ආණ්ඩු පක්ෂය විසින් සිය පක්ෂ මුලස්ථානයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කල බවත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පක්ෂ ක්‍රමයක් තියන රටක මෙවැනි සිදුවීම් සිදුවීම කණගාටුවට කරුණක් බවයි ඇය කියා සිටියේ.
උගත් යැයි කියන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සිය තනතුර රැකගැනීම සදහා මෙවැනි දේ සිදු කිරීම සුදුසු නොවන බවයි මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් තලතා අතුකෝරල පවසා සිටියේ.
යහපාලන කාලය තුල මේ රටේ ඉතිහාසයේ හොදම මුදල් අමාත්‍යවරයා බිහිවූ බවත් මංගල සමරවීර ඇමතිවරයා විසින් නිසි කළමනාකරණයකින් යුතුව රටේ මුදල් පරිහරණය හරහා ඉතුරු කරදුන් ඩොලර් බිලියන 7ක විදෙස් සංච්ත තිබු බවත් ඇය කියා සිටියා.
එසේ වුවත් අද වනවිට මාහා බැංකුව සතු රන් සංචිත විකුණා දමන තත්වයට පත්ව ඇති බවත් ඇය කියා සිටියේය.
විමල් විරවංශ මැතිතුමාත් උදය ගම්මන්පිල මැතිතුමාත් ආණ්ඩුවේ පොදුජන පෙරමුණේ පාර්ශවකරුවන් හැටියට ආණ්ඩුවෙන් එලියට ඇවිත් මාධ්‍ය සාකච්චා තියලා නොයෙකුත් මත හදන්න උත්සහ කරන බව මාධ්‍ය හමුවේදී පවසා සිටියේ.
මේ පිලිබදව දැනගන්න ඒ අය ඇවිත් විපක්ෂයට වාඩි විය යුතු බවත් ඒ අය ඒ නායකයා යටතේ තවදුරටත් කටයුතු කරනවානම් විශ්වාස කල නොහැකි බව කියා සිටියේය.
හරි සත්‍යතාව එලියට එන්න නම් ඒ පිලිබද හරි තීන්දුව පාර්ලිමේන්තුවේ සභා ගර්භයෙදී අරගෙන පෙන්විය යුතු බව ඇය මෙහිදී පවසා සිටියා.
අපි බලයට එන්නේ සුන්දර කතා කියන්න එහෙම නැතම් මවපු ලෝකවල ඉගෙන ජාතිවාදය ආගම් වාදය අවුස්සන්න නෙමෙයි. ක්‍රමානුකුලව 2015 වේ ඉදලා ආපු ගමන ඉදිරියට ගෙනියන්න වැඩපිළිවලක් ඇතුව තමයි අපි බලයට එන්නේ.
එහෙම නැතුව ජනතාව තලාපෙලලා ජනතාවට ජීවත්වෙන්න බැරි තත්වයක් ඇතිකරන්න නෙමෙයි අපි බලය ලබන්නේ.අපිට කරන්න පුළුවන් කියන තැන ඉදගෙනයි.