WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඔක්තෝබර් සිට ක්‍රියාත්මක නව ක්‍රිකට් නීති මෙන්න

Thu, March 10, 2022- Page Views : 0 results

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නීති කිහිපයක් සංශෝධනය කිරීමට ක්‍රිකට් නීති සම්බන්ධව කටයුතු කරන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය තීරණය කර තිබේ.

එම නීති මේ වසරේ ඔක්තෝබර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති. ඒ අනුව පිතිකරුවෙකු උඩපන්දුවක් ලබාදී දැවී ගියහොත් ඔහු වෙනුවට පිටියට පිවිසෙන නව පිතිකරුවා පන්දුවාරයක නිමාව සිදුනොවන්නේ නම් පමණක් ඊළඟ පන්දුවට මුහුණ දිය යුතුය.

දැනට පවතින නීතිය අනුව පිතිකරුවෙකු උඩ පන්දුවක් ලබාදී දැවී යන අවස්ථාවක එකිනෙකා ලකුණක් කරා පැති මාරුකර තිබුණහොත්, ඊළඟ පන්දුවට පහරදෙනු ලබන්නේ පිටියේ රැඳීසිටින පිතිකරුවාය.

එමෙන්ම පන්දු යවන්නාගේ අන්තයේ රැඳී සිටින පිතිකරු සීමා ඉර ඉක්මවා ගොස් ඇති අවස්ථාවක පන්දු යවන්නා විසින් කඩුල්ල බිඳදමමින් මන්කාඩ් ක්‍රමවේදයට පිතිකරුවා දවා ගන්නා අවස්ථාව දුවද්දී දැවී යාමේ නීතියට ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබේ.

කොවිඩ් – 19 හේතුවෙන් පන්දුවට ඛේටය යොදා පිරිමැදීමට එරෙහිව පැනවු තාවකාලික තහනම ස්ථිර තහනමක් බවට පත් කිරීමට ද මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය පියවර ගෙන ඇත.

තවද ක්‍රීඩාංගනයට සතෙකු හෝ යම් පුද්ගලයෙකු පැමිණීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම අවාසියක් වේ නම් එම පන්දුව අජීව පන්දුවක් ලෙස සංඥා කිරීමට විනිසුරුට හැකියාවක් ඇත.