WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හෙට තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කරන ශ්‍රී ලංකා පිල මෙන්න

Fri, March 11, 2022- Page Views : 0 results

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (12 වැනිදා) බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ප.ව. 2.30ට ආරම්භ වනු ඇත.

පළමු තරගයේ ජය ඉන්දියාව සතු වීමත් සමග තරගාවලි පරාජයෙන් බේරීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ. මේ අතර මෙතෙක් ඉන්දියාවේ සත්කාරකත්වය ඇතිව ටෙස්ට් තරගයක් ජය ගැනීමට නොහැකි වීමේ අභියෝගයද දිමුත් කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා පිල ඉදිරියේ පවතී.

තරගය පැවැත්වෙන බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී මීට පෙර දෙරට අතර එක් තරගයක් පවත්වා ඇති අතර 1994 වසරේ පැවැති එම තරගයෙන් ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 95ක ජයක් හිමි විය.

දින තුනක් තුළ අවසන් වූ දෙරට අතර පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නිත්‍ය වේග පන්දු යවන්නන් තිදෙනෙක් සහ දඟ පන්දු යවන්නෙක් සමගින් තරගයට එක් වුවද, හෙට තරගයේදී නිත්‍ය වේග පන්දු යවන්නන් දෙදෙනෙක් සහ දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් පිටියට පිවිසෙනු ඇත.

ඒ අනුව පළමු තරගයේ විවේක ගැන්වූ දුෂ්මන්ත චමීර සහ සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට එක්වන සුරංග ලක්මාල් වේග පන්දු යවන්නන් ලෙස කටයුතු කිරීමේ වැඩි අවස්ථාවක් පවතී.

ඉන්දීය සංචාරය අතරතුර රමේෂ් මෙන්ඩිස් ඇඟිල්ලේ ආබාධයකට ලක්වීම හමුවේ නිමාවූ පළමු තරගය ක්‍රීඩා කළ ලසිත් ඇඹුල්දෙණිය සමගින් ප්‍රවීන් ජයවික්‍රම හෙට තරගය ක්‍රීඩා කරනු ඇත.

පුහුණුවීම් අතරතුර ඇතිවූ කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකා පිලේ සාර්ථකම පිතිකරුවා බවට පත්ව සිටින පැතුම් නිශ්ශංකට හෙට (12 වැනිදා) තරගය අහිමි වී යාමේ අවධානම මතුව තිබේ. යම් හෙයකින් පැතුම්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟ හැරුණහොත් එම අවස්ථාව පළමු තරගය ක්‍රීඩා නොකළ කුසල් මෙන්ඩිස් වෙත හිමිවන බව සැලවේ.