ISIS ත්‍රස්ත සංවිධානය පත්කරගත්ත අලුත් නායකයා මෙන්න
Fri, March 11, 2022- Page Views : 0 results
එක්සත් ජනපද හමුදාව 2019දී සිදුකල වැටලීමකදී ලොව බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් වන (ISIS) ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ ඒ හා සමාන ආකාරයකින් මිය ගිය හිටපු නායක සහ නිර්මාතෘ අබු බකර් අල්-බැග්දාඩිගේ අභාවයෙන් පසුව ආසන්න වසර කිහිපයේදී ත්‍රස්ත සංවිධානය නායකයන් දෙදෙනෙකු වරින් වර පත්කිරීමට සිදුවී තිබුනා.
අයි.එස් සංවිධානය හඬපටයක් නිකුත් කරමින් නව මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන අබු උමාර් අල් මුහරිජ් එහි පෙර නායකත්වයට පත්වූ අබු ඉබ්‍රාහිම් අල්-හෂෙමි අල්-කුරේෂිගේ මරණය තහවුරු කර ඇති අතර,ඊයේ ඔහු වෙනුවට ඒ හා සමානව නම් කරන ලද අබු අල්-හසන් අල්-හෂේමි අල්-කුරේෂි සංවිධානයේ නව නායකයා ලෙස නිවේදනය කර තිබෙනවා.
කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පෙර නායකයාගේ මරණය තහවුරු කර නව නායකයා ISIS හි අල්-ෆුර්කාන් මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කළත්, මෙම නම දැනටමත් සමාජ මාධ්‍යවල නිල නොවන ලෙස පසුගිය මාසයේ සංසරණය වි තිබුන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමෙරිකන් හමුදා අබු ඊබ්‍රහීම් අල් කුරේෂී ඝාතනය කළේ පසුගිය පෙබරවාරි 3 වැනිදාය. එම අවස්ථාවේදී අබු ඊබ්‍රහීම් අල් කුරේෂී නිරිතදිග සිරියාවේ සැඟවී ජීවත් වූයේය.
පසුගිය මාසයේ වයඹදිග සිරියාවේ එක්සත් ජනපද විශේෂ බලකායේ වැටලීමකදී පෙර අල්-කුරේෂි තමා සහ ඔහුගේ පවුලේ අය බොම්බයක් පුපුරුවා ගෙන සියදිවි නිසාගෙන තිබුණි.
අබු ඊබ්‍රහීම් අල් කුරේෂී සමඟ අයි.එස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබු හම්සා අල් කුරේෂි ද සිටි අතර, ඇමෙරිකන් හමුදා ප්‍රහාරයෙන් ඔහු ද මියගියේය. අබු උමාර් අල් මුහරිජ් නව මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත් වී ඇත්තේ ඒ අනුවය.
ජ්‍යෙෂ්ඨ නම් නොකළ එක්සත් ජනපද නිලධාරියෙකුට අනුව සහ සිරියානු ගලවා ගැනීමේ සේවකයින්ට අනුව මෙහෙයුම ආරම්භයේදීම කුරේෂි බෝම්බය පුපුරුවා හැර ඇති අතර, එයින් ඇති වූ “ගැටුම් සහ පිපිරීම්” වලින් අවම වශයෙන් පුද්ගලයින් 13දෙනෙකුවත් මියගිය බවයි.
කෙසේ වෙතත්, එක්සත් ජනපදයට කිසිදු හානියක් සිදු නොවූ අතර, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වැටලීම සාර්ථක ප්‍රහාරයක් බව කීය.