WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාවට අසිරූ ඉලක්කයක්...

Mon, March 14, 2022- Page Views : 0 results

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් රැස්කරගෙන සිටි. ළහිරු තිරිමාන්න කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

නොදැවී පන්දුවට පහර දෙන නායක දිමුත් කරුණාරත්න ලකුණු 10ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 16ක් ලබා සිටිනවා. ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 252ක් රැස්කළ අතර ඔවුන් කඩුළු 09ක් දැවී ලකුණු 303ක් රැස්කර සිටියදී ඊයේ දිනයේ සිය දෙවන ඉනිම අත් හිටවනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 109ක් පමණයි. ඒ අනුව මේ වනවිට ඉන්දීය කණ්ඩායම ලකුණු 419ක් ඉදිරියෙන් සිටිනවා. බෙංගලූරු හිදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය අදයි.