ටෙලි නිළියන් විකුණු පොලිස් නළුවා පොලිසියෙන් වටලද්දී අඳුර මැදින් පලාගිය හැටි
Wed, March 16, 2022- Page Views : 0 results
ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවකු ටෙලි නාට්‍යවල රඟපෑම සඳහා තෝරාගන්නා ළාබාල නිළියන්ව අලුතැපොළ ප්‍රදේශයේ පවත්වාගෙන යන ගණිකා නිවාසයෙදී කළමනාකරුගේද සහාය ඇතුව මුදලට නොයෙකුත් පුද්ගලයන්ට විකුණන බව වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත දින කිහිපයකට කලින් තොරතුරු ලබාදී ඇත.
ඒ අනුව එම නළුවාව කොටුකර ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඉකුත් දින වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, අලුතැපොළ ප්‍රදේශයේ උඩුමහලක පිහිටි ගණිකා නිවාසයක රැඳී සිටි තවත් ටෙලි නිළියක අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ජනප්‍රිය ටෙලි නළුවා ගැන තොරතුරු හෙළිවී ඇත.
මෙම ටෙලි නළුවා වැඩිහරියක්ම පොලිස් නිලධාරීන්ගේ චරිතවලට පණපොවන අයකු බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කර ඇත.
එමෙන්ම මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කළමනාකරුගෙන්ද වලාන දූෂණ මර්දන ඒකකය ප්‍රකාශ ලබාගෙන ඇත.
අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වලාන දූෂණ ප්‍රහාරක බළඇණිය මෙම වැටලීම සිදුකර ඇතත් නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට කඩා පනින අවස්ථාවේදී විදුලිය විසන්ධිව තිබූ අතර පොලිස් නිලධාරීන් හඳුනාගත් සැකකාර නළුවා අඳුර මැදින් පලාගොස් තිබේ.
විදුලිය කපා හරින්න මොහොතකට පෙර තවත් ටෙලි නිළියන් කිහිපදෙනකු එම ස්ථානයේ රැඳී සිට ඇති බවත්, විදුලිය නැති වේලාවන්හිදී ගැනුම්කරුවන් පැමිණීම අඩු බැවින් ඔවුන් ඊට පැයකට පෙර එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් පොලිසිය කියයි. එහෙත් සමහර ගැනුම්කරුවන් ඉටිපන්දම් දල්වාගෙන තරුණියන් සමඟ කාමරවල රැඳි සිටින බවද පවසා ඇත.
අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යවල සහාය චරිත රඟපාන ළාබාල නිළියන් මුදලට විකිණීම මඟින් මෙම ටෙලි නළුවාද මුදල් උපයා ඇති බව සදහන් කර ඇත.
සමහර තරුණ ළාබාල නිළියන් ටෙලි නාට්‍යවල රඟපෑමට ඇති ආශාව නිසා මෙවැනි ක්‍රියාවලට අකැමැත්තෙන් වුවත් ඉදිරිපත් වන බවත් මෙම නිළියන් මුදලට ගැනීම සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් මාස තුනක කාලයක් තිස්සේ මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.