ලෝක කුසලානය ජයග්‍රාහණයේ 26 වන සංවත්සරය අදයි...
Thu, March 17, 2022- Page Views : 0 results
ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගැනීමේ 26 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. 1996 වසරේ පැවති “විල්ස්” ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්කරමින් අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම එම ඓතිහාසික විජයග්‍රහණය වාර්තා කළා. ඒ, පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී බව සදහන් කර ඇත.
එදා සිට මේ දක්වා පැවති එක්දින ලෝක කුසලාන තරඟාවලි කිහිපයකදී අවසන් මහා තරඟ කිහිපයකට සුදුසුකම් ලැබුවද එක්දින ලෝක කුසලානයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවී නැත.
මේ අතර 1996 ලෝක කුසලාන අවසන් මහා තරඟය පැවති ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනයේ නම වසර 50 කට පමණ පසු වෙනස් කිරීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රමේෂ් රාජා ප්‍රකාශ කර ඇත්තේ නව අනුග්‍රහකයෙකු ඉදිරිපත්වූ පසු ක්‍රීඩාංගනයේ නම වෙනස් කරන බවයි. එම ක්‍රීඩාංගනය ගඩාෆි ක්‍රීඩාංගනය ලෙස නම් කර තිබුණේ ලිබියානු හිටපු ජනාධිපති මුවම්මර් ගඩාෆිට උපහාරයක් ලෙසයි.
ඒ අනුව එම ක්‍රීඩාංගනයට අදාළව අනුග්‍රහකයෙකු සමඟ ගිවිසුමකට එළඹුනු පසු අදාළ අනුග්‍රාහකයාගේ කැමැත්තට අනුව ක්‍රීඩාංගනයට නව නමක් ප්‍රතිස්ථාපනය වනු ඇත.