ලෝක රූ රැජින කිරුළ කැරොලිනාට....
Thu, March 17, 2022- Page Views : 0 results
පෝලන්තයේ කැරොලිනා බියලොව්ස්කා මෙවර ලෝක රූ රැජින ලෙස කිරුළු දිනා ගැනීමට සමත්ව ඇත.පුවටෝ රිකෝ රාජ්‍යයේ සැන් ජුවාන් අගනුවරදී ඊයේ(16) 70වන ලෝක රූ රැජින තරගාවලිය පවත්වා තිබේ.
එහිදී රටවල් 97ක තරගකාරියන් අතරින් කිරුළ හිමි කරගැනීමට සමත් වුයේ පෝලන්තයේ කැරොලිනා බියලොව්ස්කාය.
පසුගිය වර ලෝක රූ රැජින ලෙස කිරුළු පැලඳූ ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං, ඇයට කිරුළ පැලඳවා ඇත.
23 හැවිරිදි වියේ පසුවන කැරොලිනා කළමනාකරණ පශ්චාත් උපාධිය හදාරමින් සිටින අතර නිරූපිකාවක් ලෙසත් කටයුතු කර තිබේ.
ලෝක රූ රැජින තරගාවලියේ පළමු අනු ශූරතාව අමෙරිකාවේ ශ්‍රී සියැනිට හිමිව ඇත.