WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මිනිස්සු පෝලිම් වල ඉන්න කොට මෙහෙම තෙල් පුච්චන එක සදාචාර සම්පන්නද ?

Sun,March 20, 2022- Page Views : 0 results

මේ දවස්වල රටේ පවතින ඉන්දන හිගය හමුවේ පිරවුම්හල් අසල දිගු පෝලිම් දකින්නට ලැබෙ. නමුත් ජනතාව දවස පුරා ඉන්දන පෝලිම්වල සිටිද්දී තෙල් පුච්චමින් රථ වාහන පෙළපාලියක් ඊයේ ධාවනය වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.

තවද මෙම යතුරු පැදි සවාරියට පොලිස් පෙර ගමන් යතුරු පැදි ලබා දෙමින් ආරක්ෂාව සැපයූ අයුරුද දැක ගත හැකි වෙනවා. දළුව මංසන්දියෙ ඉන්ධන පෝලිම්වල එය නවතා මෙය සංවිධානයක කල සියලු දෙනාටම විරෝධය මතු කරමින් දොස් නගා තිබෙ.

මේ රටේ මිනිස්සු ඩිසල් ටිකක් පෙට්‍රල් ටිකක් ගහ ගන්න දවස් ගනන් පෝලිම් වල ඉද්දි දේශපාලඥයන්ගේ උවමනාවට යතුරු පැදි සවාරි තියනවා. යතුරු පැදි මදිවට එයට එකවන අධි සුඛෝපභෝගි වාහන වලටත් ඉන්දන ලබා දෙන්න වෙනම ඉන්දන බවුසරයක් ඉස්සරලා යවනවා.

ඇත්තටම තේරුම් ගන්න බැරිද මේ ඉන්දන ප්‍රශ්නය හා අනිකුත් ප්‍රශ්ණ හමුවේ මිනිස්සු දුක් විදිද්දී මේ විදිහට නාස්තිකාර වැඩ වැරදි කියලා. නමුත් මෙම පිරිසගේ විරෝධය ගනන් නොගත් යතුරු පැදිකරුවන් යලි ගමන ආරම්භ කර තිබෙනවා.

මෙය මේ දිනවල ජනතාව රටේ තෙල් හිගය නිසා ඉන්දන පෝලිම් වල දුක් විදිද්දී යම් අරමුණකට මෙවැනි දෑ සිදුකරමින් තෙල් පුච්චන එක කෙතරම් සදාචාර සම්පන්නද ?

මේ අතර ජනතා විරෝධයක් එල්ලවූ මීරිගම සිට කල්පිටිය දක්වා ඊයේ ධාවනය වූ රථ පෙළපාලිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මාධ්‍ය වෙත අද නිවේදනයක් නිකුත් කළේය.