WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දීර්ඝ ක්‍රිකට් තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායම ජුනි මාසයේදී මෙරටට

Fri,March 25, 2022- Page Views : 0 results

ශ්‍රී ලංකාවට එරෙහිව දීර්ඝ ක්‍රිකට් තරඟාවලියක් සඳහා ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම ලබන ජුනි මාසයේ මෙරටට පැමිණිමට නියමිතව ඇත. ඒ, ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 තරඟාවලියකට සහභාගී වීම සදහා බව සදහන්ව තිබේ.

මෙම තරඟ සංචාරයට විස්සයි 20 තරඟ 3 ක්, එක්දින තරඟ 5 ක් සහ ටෙස්ට් තරඟ 2 ක් ඇතුළත් ව ඇත. ජුනි 07 වනදා ආරම්භ වන තරඟ සංචාරය ජූලි 12 වනදා අවසන් වීමට නිමිතව ඇත.

පළමුව ආරම්භ වන්නේ පන්දුවාර 20 තරඟාවලියයි. ජුනි මස 07 වැනිදා කොළඹදී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී විස්සයි-20 තරඟාවලිය ආරම්භ වනු ඇත.

එක්දින තරඟාවලිය ජුනි 14 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ. ටෙස්ට් තරඟාවලිය ආරම්භ වන්නේ ජුනි 29 බව සදහන් කර ඇත. ටෙස්ට් තරඟ 2 ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ බව සදහන් කර තිබේ.

2016 වසරේ ශ්‍රී ලංකාවේ සිදුකළ දීර්ඝ තරඟ සංචාරයෙන් පසු ඕස්ට්‍රේලියානු කණ්ඩායම දින 36 ක කාලයක් සඳහා මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය බවද සදහන් කර ඇත.