වසර 15 ක IPL ඉතිහාසයේ ප්‍රථම වරට දෝනි හදිසියේම නායකත්වයෙන් ඉවත් වෙයි...
Fri,March 25, 2022- Page Views : 0 results
මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලිය මාර්තු 26දා එනම් හෙට ආරම්භ වීමට නියමිතව ඇත.ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙවර නව මුහුණුවරකින් පැවැත්වෙන අතර කණ්ඩායම් 10ක් ශූරතාවය සදහා තරග කරනු ලබන බව සදහන් කර ඇත.
මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් සියල්ලම ලහි ලහියේ සුදානම් වන විට තරඟාවලිය ආරම්භ වීමට පෙර තව තවත් උනුසුම් කරන පුවතක් වාර්තා වී තිබේ.
ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ දා පටන්ම අති සාර්ථක කණ්ඩායමක් ලෙසින් හැඳින්වෙන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමෙන් අසන්නට ලැබුනේ එතරම් සුබදායක පුවතක් නම් නොවී තිබේ .
ඉන්දීය ප්‍රිමිය ලීග් ආරම්භයේ සිටම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකයා වු එම්එස් දෝනී නායකත්වයෙන් එක්වරම ඉවත්වි ඇත.
ඔහු චෙන්නායි සුපර් කිංග්ස් වෙත ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතා 4ක් ද දිනා දීමට නායකත්වය සපයා ඇත.
එමෙන්ම දැන් ඔහු වෙනුවට ප්‍රබල ක්‍රීඩකයෙකු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස දක්ෂ තුන් ඉරියවු ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා පත්කර තිබේ.
2012 වසරේ සිට අඛණ්ඩව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන රවින්ද්‍ර ජඩේජා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තීරණාත්මක ක්‍රීඩකයෙකු ලෙසට සදහන්ව ඇත.
මේ පිළිබඳව විශේෂ සටහනක් එක් කරමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රකාශ කර තිබෙන්නේ මහේන්ද්‍ර සිං දෝනි සිය නායකත්වය අත හැරීමට තීරණය කර ඇති බවයි. කෙසේ නමුත් ඔහු මෙවර තරගාවලිය ක්‍රීඩකයෙකු ලෙස නියෝජනය කරන අතර මින් ඉදිරියට පැවැත්වෙන තරඟාවලිය ද ක්‍රිඩකයකු ලෙස නියෝජනය කරනු ඇති බවට වැඩිදුරටත් සදහන් කර ඇත.