ජනප්‍රිය නළුවාගෙන් නිවේදකයාට කනේ පහරක්....
Mon,March 28, 2022- Page Views : 0 results
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී දැන් පැවැත්වෙන ඔස්කා සම්මාන උළෙලේදි කිසිවෙක් බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවී ඇත.
ඒ නිවේදක ක්‍රිස් රොක්ට සුපිරි නලු විල් ස්මිත් විසින් කම්මුල් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් බව සදහන්ව ඇත.
රොක් විසින් ස්මිත් ගේ බිරිඳ වන ජාඩා පින්කට් ස්මිත් ට කළ විහිලුවක් හේතුවෙන් එම පහරදීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇය මේ වනවිට හිසකෙස් හැලීමේ රෝගයකින් පීඩා විඳින අතර නිවේදකයා ඒ සම්බන්ධයෙන් විවිධ දේ පැවසීම විල් ස්මිත් ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස්විහිලු සඳහා තම බිරිඳ ඈඳා නොගන්නා ලෙසයි විල් ස්මිත් විසින් මෙහිදී අවධාරණය කර ඇත.
රොක් කථාකරමින් සිටින අතර එකවරම වේදිකාවට යන විල් ස්මිත් රොක් ගේ කනට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
නැවත තම ආසනය වෙත පැමිණෙමින් ස්මිත් පවසා ඇත්තේ “මගේ බිරිඳගේ නම තමුසෙගෙ කටින් ඈත් කරනවා,” යනුවෙන් පවසා ඇත.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානය ජනප්‍රිය නළු විල් ස්මිත් හිමිකම් කීමටද සමත් වී තිබේ.