පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පළමු තරගයෙන්ම විශිෂ්ඨ ජයක් වාර්තා කරයි...
Mon,March 28, 2022- Page Views : 0 results
IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති පළමු තරගයෙන් කඩුළු 05ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් ව ඇත. ඒ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම පරාජයට පත් කර තිබේ.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 02ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 205ක්. ෆෆ් ඩියු ප්ලෙසිස් පන්දු 57කදී ලකුණු 88ක් රැස් කර තිබේ. පිළිතුරු ඉනිම් ක්‍රීඩා කළ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානාය් කඩුළු 05ක් දැවී ලකුණු 208ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගැනිමට සමත්ව ඇත.
එහිදී භානුක රාජපක්ෂ පන්දු 22කදී ලකුණු 43ක් රැස් කිරීමට සමත් වුණා. ඊට 06පහර 04ක් සහ හතරේ පහර 02ක් ඇතුළත්. තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ පන්දු 08කදී නොදැවී වේගවත් ලකුණු 25ක් රැස් කළ ඔඩීන් ස්මිත් සමත්ව තිබේ.
පන්දු යැවීමේදී රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායමේ වනිදු හසරංග පන්දුවාර 04ක් තුළ ලකුණු 40කට එක් කඩුල්ලක් ලබා ගෙන ඇත.