WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්....

Wed,March 30, 2022- Page Views : 0 results

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වී ඇත.

පූනේ හි පැවැති තරගයේ දී ලකුණු 61ක දැවැන්ත පරාජයකට ලක් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි. තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 210ක් ලබා ගනිමින් පන්දුවාර 20 නිමා කර තිබේ. නායක සංජු සැම්සන් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් පන්දු 27කින් ලකුණු 55ක් ලබා ගෙන ඇත. හයේ පහර 5කින් හා හතරේ පහර 3කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. දෙව්දත් පඩික්කල් ලකුණු 41(29)ක්, ජොස් බට්ලර් ලකුණු 35(28)ක් හා ශිම්රන් හෙට්මයර් ලකුණු 32(13)ක් රැස් කර ඇත. පන්දු යැවීමේ දී උම්රාන් මලික් ලකුණු 39කට කඩුලු 2ක් හා ටී නටරාජන් ලකුණු 43කට කඩුලු 2ක් බිද හෙලීමට සදත්ව ඇත.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 149ක් පමණයි.