IPL පිටියේදී වනිදු හසරංගගෙන් සුපිරි පන්දු යැවීමක්....
Thu,March 31, 2022- Page Views : 0 results
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට වනිදු හසරංග සමත් වුණා. ඒ, නියමිත පන්දු වාර 04දී ලකුණු 20කට කඩුළු 04ක් බිද හෙලමින්. වන්දු මෙම දස්කම දැක්වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව බවට සදහන් කර ඇත.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ රැස්කර ගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි. කොල්කටා පිතිකරුවන්ට හිසරදයක් වෙමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග සිය පන්දුවාර 04තුළ යැවූ පන්දු 24න් පන්දු 15කටම කිසිදු ලකුණක් ලබා නොදීමද විශේෂත්වයක් වී තිබේ.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලොර් කණ්ඩායම 20වන පන්දුවාරයේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා. තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ වනිදු හසරංගයි. ඔහු මෙම තරගයේ දී ලකුණු 20කට කඩුළු 04ක් බිද හෙලීම මෙවර IPL තරගාවලියේ මේ දක්වා වාර්තා වූ හොදම පන්දු යැවීමද වන බව සදහන් කර තිබේ.