WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලංකාවේ තවත් වාර්තාවක් බිඳ වැටේ.....

Fri,Apr 02, 2022- Page Views : 0 results

මුම්බායි බ්‍රාබෝන් ක්‍රීඩාංගනයේදී ඊයේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල පරදවා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට නවක ලක්නව් සුපර් ජයන්ට්ස් පිල සමත්ව ඇත.

කාසියේ වාසිය දිනූ ලක්නව් පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස චෙන්නායි පිලට ඇරයුම් කළ අතර, ඔවුන් සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු හතක් දැවී ලකුණු 210ක් රැස් කර තිබේ.

පිළිතුරු වශයෙන් ලක්නව් පිල පන්දු වාර 19යි පන්දු 3ක දී කඩුලු හතරක් දැවී ලකුණු 211ක් ලබමින් තරගයේ ජය හිමි කර ගැනීමට සමත්ව ඇත.

එහි දී ක්වින්ටන් ඩි කොක් ලකුණු 61ක් ලබාගත් අතර, කොදෙව් ක්‍රීඩක එවින් ලුවිස් නොදැවී ලකුණු 55ක් රැස් කළේ පන්දු 23කට මුහුණ දෙමින්.

කෙසේ නමුත් මෙම තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ඩ්වේන් බ්‍රාවෝ, අයි.පී.එල්. තරගවල දී කඩුලු 170ක් බිඳ හෙලා වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගනිමින් ලසිත් මාලිංග පිහිටුවා තිබූ වාර්තාව බිඳ හෙලීමට සමත් ව තිබේ.