WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රංගන ශිල්පි විල්ස්මිත් ඔස්කාර්ස් ඇකඩමියෙන් ඉල්ලා අස්වෙයි.....

Fri,Apr 02, 2022- Page Views : 0 results

පසුගිය ඔස්කාර් සම්මාන උළෙලේදී ආන්දෝලනාත්මක සිද්ධියක් ඇති කළ රංගන ශිල්පි විල්ස්මිත් ඔස්කාර්ස් ඇකඩමියෙන් ඉල්ලා අස්වී තිබේ.

ප්‍රහසන රංගන ශිල්පියෙකු ක්‍රිස්රොක් වෙත වේදිකාව මතදී අතුල්පහරක් එල්ල කිරීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් දැඩි කතාබහක් ලොව පුරා ඇති වී තිබේ.

මේ පිළිබදව පසුව අදහස් පළ කළ විල්ස්මිත් සඳහන් කළේ තමන් අතින් සිදුවූ වරද ඉතා වේදනාකාරී වන අතර කිසිදා සමාව ලබාදිය නොහැකි දෙයක් බවටද සදහන් කර තිබේ. විල් ස්මිත්ගේ ඉල්ලා අස්වීම ඔස්කාර්ස් ඇකඩමිය භාරගෙන ඇත.

ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනිමට ද එම ඇකඩමිය ඉදිරියේදී කටයුතු කරනු ඇති බව සදහන් තිබේ. විල් ස්මිත්ගේ බිරිදගේ හිසකෙස් සම්බන්ධයෙන් ක්‍රිස් රොක් සිදුකළ විහිලුවකට උරනවීමෙන් විල් ස්මිත් මෙම අතුල්පහර එල්ල කර ඇත.