WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 06ක ජයක්.....

Sat,Apr 09, 2022- Page Views : 0 results

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් කඩුලු 06 ක ජයක් අත්කරගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම පරාජයට පත් කර තිබේ.

එම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09 ක් දැවී ලකුණු 189 ක් රැස් කළා. ලියම් ලිවින්ස්ටෝන් පන්දු 27 කදී ලකුණු 64 ක් රැස් කළේ හතරේ පහර 07 ක් සහ හයේ පහර 04 ක් ද සමග බව මාධ්‍ය වාර්තා කර ඇත.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 04 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ තරඟයේ අවසන් පන්දුවේ වීම විශේෂත්වයක්. තරගයේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දු දෙකේදී රාහුල් තෙවාටියා හයේ පහර දෙකක් එල්ල කරමින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. ශුබ්මන් ගිල් පන්දු 59 කදී ලකුණු 96 ක් රැස් කළා. ඒ හතරේ පහර 11 ක් සහ එක් හයේ පහරක් එල්ල කර ඇත.