WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විල් ස්මිත්ට ලැබුණු ඇදහිය නොහැකි දඩුවම......

Sat,Apr 09, 2022- Page Views : 0 results

අමෙරිකානු නළු විල් ස්මිත්ට වසර 10 කාලයක් සඳහා ඔස්කාර් උළෙල සහ අනෙකුත් සියලු ඇකඩමි උත්සව තහනම් කර තිබේ.

පසුගියදා පැවැති 94 වන ඔස්කාර් සම්මාන උළෙලේදී විල් ස්මිත් එම උළෙලේ නිවේදන කටයුතු කරමින් සිටි විකට නළු ක්‍රිස් රොක්ට පහරදීමේ සිද්ධිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත් එහිදී සාමාව අයැද සිටි අතර පසුව ඔහු ඔස්කාර් ඇකඩමියෙන් ද ඉල්ලා අස් වූ නමුත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත්ට සමාව දිය නොහැකි බව ඔස්කාර් සම්මාන ඇකඩමිය ප්‍රකාශ කර තිබේ.