ගුජරාට් ටයිටන්ස් පිලට ලකුණු 37ක ජයක්.....
Thu,Apr 15, 2022- Page Views : 0 results
අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 37කින් ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් ව තිබේ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 4 ක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 192 ක්. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ හර්ඩික් පාණ්ඩයා පන්දු 52 කදී ලකුණු 87 ක් රැස් කර ඇත. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත්ව ඇත.
ජයග්‍රාහී ලකුණු 193 ක් ලබාගැනීමට පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට කඩුළු 9 ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 155 ක් පමණයි. වැඩිම ලකුණුලාභියා වූ ජොස් බට්ලර් රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්. හර්ඩික් පාණ්ඩයාට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. තරගය පැවැත්වුණේ මුම්බායි පටිල් ක්‍රීඩාංගණයේදීයි පවත්වා තිබේ.