ආසියානු කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යාමේ අවධානමක්.....
Sat,Apr 16, 2022- Page Views : 0 results
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය IPL තරගාවලිය අවසානයේ තීරණය කරන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පවසා ඇත.
ශ්‍රි ලංකාවේ පවතින තත්ත්වය අනුව තරගාවලිය දැනට යොදා ගෙන ඇති කාලවකවානුවේදී පැවැත්වීමට ඇති හැකියාව තක්සේරු කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි ඔහු ප්‍රකාශ කර තිබේ.
මෙවර ආසියානු කුසලාන තරගාවලිය විස්සයි විස්ස තරගාවලියක් ලෙස ආගෝස්තු මස 27වනදා සිට සැප්තැම්බර් 11වනදා දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කර ඇති බවට සදහන් කර තිබේ.
එම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් යළි තක්සේරු කර බැලීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මතුව ඇති ආහාර සහ ඉන්ධන හිගය වැනි තත්ත්වයන් සැළකිල්ලට ගෙන බවට ප්‍රකාශ කර ඇත.