WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රාජස්ථානයට ජය ගෙන ආ බට්ලර් ගේ වේගවත් ශතකය

Sat, Apr 23, 2022- Page Views : 0 results

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්තාන් රෝයල් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර තරගය ලකුණු පහලොවකින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායම සමත්වුණාය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල් කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 222ක් රැස් කිරීමට සමත්වුණා. ප්‍රවේගකාරී ඉණිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ජෝස් බට්ලර් පන්දු හැටපහකදී වේගවත් ලකුණු 116ක් රැස් කළේ හයේ පහර නවයක් සහ හතරේ පහර නවයක් ද සමගින්. ඊට අනගි සහායක් ලබාදුන් දේව්දත් පඩික්කාල් පන්දු තිස්පහකට ලකුණු 54ක් රැස් කළාය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට සිය පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු අටක් දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 207ක් පමණයි. ඉණිමේ වැඩිම ලකුණු ලාභියේ රිෂාබ් පාන් ලකුණු 44ක් රැස් කළාය. පන්දු යැවීමේදී ප්‍රසීධා ක්‍රිෂ්ණාලකුණු 22කට කඩුලු 3ක් බිද හෙලුවාය. වේගවත් ශතයක් ද සමගින් ලකුණු 116ක් රැස් කළ ජෝස් බට්ලන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවාය.

තරගාවලියේ කොල්කටා නයිටරයිඩ්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගය අද පස්වරු තුනට පැවැත්වීමට නියමිතයි.