WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආසියානු කාන්තා වොලිබෝල් තරඟාවලිය සඳහා තේරීම් පරීක්ෂණ ඇරඹෙයි......

Sat, May 07, 2022- Page Views : 0 results

ජූලි මස තායිලන්තයේ දී පැවැත්වෙන ආසියානු ශූරතා කාන්තා වොලිබෝල් තරඟාවලිය සඳහා ශ‍්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම තෝරාගැනීමේ විවෘත තේරීම් පරීක්ෂණ ලබන 14 වන දින පැවැත්වීමට නියමිතව තිබේ.

පෙරවරු 8.30 සිට ගාල්ල, දඩල්ල වොලිබෝල් නිවසේදී එය සිදුකිරීමටයි කටයුතු යොදා ඇත.

මේ සඳහා සහභාගි වන ක‍්‍රීඩිකාවන් එදින පෙරවරු 8 ට ගාල්ල, එම ස්ථානයට පැමිණිය යුතු බවට සදහන් කර ඇත.

අවසන් වරට ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියක් පැවැත්වුණේ 2109 වසරේ වන අතර එහි ශූරතාව ජපානය විසින් හිමිකරගනු ලැබ තිබේ.