WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශය බලා පිටත්ව යයි...

Sun, May 08, 2022- Page Views : 0 results

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශය බලා අද පෙරවරුවේ පිටත්ව ගියා. ලබන 15 වනදා කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගිය බවට වාර්තා වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේදී ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගි වනවා. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 15 වනදා ආරම්භවීමට නියමිතව ඇත්තේ චිතගොංහිදීයි.

ඩකාහිදී දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන 23 වනදායි. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියට එක් වනවා. දෙරට අතර පැවති අවසාන ටෙස්ට් ක්‍රිකට් තරග පහෙන් තරග 3 කම ජය හිමි වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. මේ අතර ලබන 11 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරගයකටද ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.