WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය අදයි

Sun,May 15,2022- Page Views : 0 results

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ආරම්භ වේ. ඒ, මෙරට වේලාවෙන් උදෑසන 9.30 ටයි. බංග්ලාදේශයේ චිතගොන්හිදී මෙම තරඟය පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ ටෙස්ට් තරඟ සංචාරයක නිරත වන්නේ වසර 04 කට පසුවයි.දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරඟ 22 පවත්වා ඇති අතර ඉන් තරග 17ක්ම ජය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ එක් තරඟයක් පමණයි. මෙම තරඟාවලියට ටෙස්ට් තරඟ දෙකක් ඇතුලත්ය.