වනිඳු ICC එක්දින සහ විස්සයි විස්ස සංචිතවලට.....
Mon,May16,2022- Page Views : 0 results
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ප්‍රකාශයට පත් කරන 2021 වසරේ එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් ද්විත්වයටම වනිඳු හසරංගව ඇතුළත් වී තිබේ.
නිමාවූ එක්දින ලෝක කුසලානයේ වැඩිම කඩුලුලාභියා වෙමින් කඩුලු 16ක් දවා ගන්නටද වනිඳු සමත් වූ අතර දැනට ක්‍රියාත්මක වන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මේ වනවිට වැඩිම කඩුලුලාභියා ලෙසින් පෙරමුණේ පසුවන්නේද වනිඳු වේ. මෙම කණ්ඩායම්වලට ඇතුළත් වීම හේතුවෙන් පිරි නැමෙන සැමරුම් හිස් වැසුම් පසුගියදා වනිඳුට ලැබී තිබුණි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ප්‍රකාශයට පත්කළ ඉකුත් වසරේ ටෙස්ට් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නද ඇතුළත් වී තිබීම විශේෂත්වයකි.