අර්බුද නිසා ශ්‍රී ලංකා සංචාරය ගැන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් කණස්සල්ලෙන්
Thu, May 26,2022- Page Views : 0 results
ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙරට සංචාරය කිරීමට සිදුවීම පිළිබඳ ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් සිය කණස්සල්ල පළ කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන, විදුලිය, ඖෂධ හා අත්‍යවශ්‍ය ඖෂධ හිඟය පිළිබඳ ක්‍රීඩකයින් දැඩි අවධානය යොමුකර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ක්‍රීඩකයින් දැනුවත් කර ඇති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ සහකාර ප්‍රධාන විධායක ටොඩ් ග්‍රීන්බර්ග් පවසනු ඇත. ඒ අනුව ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමේ පහසුකම්, සංචාරය තුළ ඇති සැලසුම් පිළිබඳ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ උපදෙස් හා මඟ පෙන්වීම් මත ඉදිරි පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟාවලිය ජුනි සහ ජූලි මාසවලදී පැවැත්වීමට නියමිතයි. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ තරඟාවලිය ක්‍රියාත්මක වනු ඇති බවයි. ඊට ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ 05 ක් සහ, විස්සයි 20 තරඟ 03 ක් ඇතුලත්ය.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමක් මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ 2016 න් පසු පළමු වරටයි. කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ සහකාර ප්‍රධාන විධායක ටොඩ් ග්‍රීන්බර්ග් පවසන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන වර්තමාන තත්ත්වය මත තරඟ සංචාරයකට එක්වීමේදී ක්‍රීඩකයින් පවා අපහසුතාවයකට පත්වීම සාධාරණ බවයි.