ශ්‍රී ලංකාවේ යුපුන්ගෙන් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වෙන් නව දකුණු ආසියානු වාර්තාවක්
Thu, May 26,2022- Page Views : 0 results
මීටර 100 පිරිමි ධාවන ඉසව්වෙන් නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් සමත්ව තිබේ. ඒ, ජර්මනියේ පැවැති මලල ක්‍රීඩා තරගයකදී තත්පර 10යි දශම 0යි 6ක කාලයක් සටහන් කරමිනි.
යුපුන් විසින් බිඳ දැමුවේ තත්පර 10යි දශම 1යි 5ක කාලයක් සටහන් කරමින් ඔහු විසින්ම පිහිටුවා තිබූ වාර්තාවකි.
ඒ අනුව මීටර 60, මීටර 100, මීටර 200 යන ධාවන ඉසව් සියල්ලේම දකුණු ආසියානු වාර්තාවන්ට මෙන්ම මීටර 150 ධාවන ඉසව්වේ ආසියානු වාර්තාවට ද යුපුන් අබේකෝන් මේ වන විට හිමිකම් කියනු ඇත.