WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

IPL මංගල ශූරයින් සමග කෝඩුකාරයින් අද අවසන් සටනට

|Sun, May 29,2022- Page Views : 0 results

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වේ. ඒ, අයි පී එල් ආරම්භක තරගාවලියේ ශූරයින් වූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ අයි පී එල් සටනට අලුතින් එක්වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අයි පී එල් අවසන් මහා තරගයකට සුදුසුකම් ලබන්නේ වසර 14 කට පසුවයි.

අහමබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී අද තරගය පැවැත්වේ. මෙම ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයින් එක් ලක්ෂ 25,000 කට එකවර තරගය නැරඹිය හැකියි. අද පැවැත්වෙන අවසන් මහා තරගයේ සියලු ප්‍රවේශපත්‍ර මේවනවිටත් අලෙවි වී අවසන්ය.

මෙරට වේලාවෙන් අද රාත්‍රී 08 ට තරගය ආරම්භ වීමට නියමිතයි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය කුමාර සංගක්කාර විසින් දරණ අතර පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග කටයුතු කරනු ඇත.

මෙවර අයි පී එල් ශූරයින් සඳහා පිරිනැමෙන තරග මුදල ඉන්දීය රුපියල් කෝටි 20 කි. එය මෙරට මුදලින් රුපියල් කෝටි 91 ක් පමණ වේ. අනුශූරයින් සඳහා ඉන්දීය රුපියල් කෝටි 13 ක් පිරිනැමීමට නියමිතයි. මේ අතර තරගාවලියේ වැඩිම කඩුළු ලාභියාට හිමි දම්පැහැ හිස්වැසුම දැනට හිමිව ඇත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන වනිඳු හසරංගටයි. ඔහු තරග 16 කදී ලබාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 26 කි. වැඩිම කඩුළු ලාභීන් අතර දෙවන ස්ථානයේ පසුවන්නේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යෂ්වේන්ද්‍ර චහාල්. ඔහු අද පැවැත්වෙන තරගයේදී කිසිඳු කඩුල්ලක් නොගත හොත් වැඩිම කඩුළු ලාභියාට හිමිවන දම්පැහැ හිස්වැසුම වනිඳු හසරංගට හිමිවනු ඇත.