WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

IPL කිරුළ කෝඩුකාරයින්ට

Mon, May 30,2022- Page Views : 0 results

2022 ඉන්දීයන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණාය. ඒ, අහමදාබාද්හිදී පැවති අවසන් මහා තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුළු 7 කින් පරාජය කරමිනි.

මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 9 ක් දැවී රැස්කර ගත හැකි වුණේ ලකුණු 130ක් පමණයි. මෙවර තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වූ ජෝස් බට්ලර් ලකුණු 39 කට දවා ගැනීමට ගුජරාට් ටයිටන්ස් නායක හර්දික් පාණ්ඩ්‍යා සමත් වුණාය. යෂස්වි ජස්වාල් ලකුණු 22 යි. පන්දු යැවීමේදී හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 17කට කඩුළු 3ක් දවා ගත්තාය.

ලකුණු 131ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 18 යි එක් පන්දුවකදී කඩුළු 3කට ලකුණු 133 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළාය. ශුබ්මන් ගිල් නොදැවි ලකුණු 45ක් රැස් කළ අතර නායක හර්දික් පාණ්ඩ්‍යා පන්දු 30කදී ලකුණු 34 ක් රැස් කළාය.

පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වමින් අයි පී එල් ශූරතාව සිය කණ්ඩායමට දිනා දුන් හර්දික් පාණ්ඩ්‍යා තරගයේ වීරයා ලෙස සම්මානය දිනාගත් අතර තරගාවලියේ වීරයා ලෙස ජෝස් බට්ලර් සම්මාන හිමි කර ගත්තාය.

මෙවර අයි පී එල් තරගාවලියට නවක කණ්ඩායමක් ලෙස එක්වෙමින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම එහි ශූරතාව දිනා ගැනීම විශේෂත්වයකි.