ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ව "ෆේල්" කරයි
Wed June 08,2022- Page Views : 0 results
ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පළමු T-20 තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 19.3 කදී සියලු දෙනා දැවී ලකුණු 128ක් රැස් කර ගැනීමට සමත් වුවාය.
කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු නායක එරෝන් ෆින්ච් ගේ ආරාධනයෙන් පළමුවෙන් ලකුණු රැස්කිරීමට පැමිණි ශ්‍රී ලංකා පිල පළමු පන්දු ඕවර 10 තුලදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 79ක් ලබා ගෙන ප්‍රබල ස්ථානයක පසුවුවාය.
කෙසේ වුවද ඕස්ට්‍රේලියානු පිලේ වේග පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ඕවර් 9.3 තුලදී ලකුණු 49ක් පමණක් ලබා ගත්තේ සිය ඉතිරි කඩුලු 09ම අහිමි කර ගනිමින්ය.