නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය ගණන 40ක් දක්වා ඉහළට.
Fri, June 10, 2022- Page Views : 0 results
නයිජීරියාවේ ඔන්ඩෝ ප්‍රාන්තයේ ඕවෝ ප්‍රදේශයේ පසුගියදා කතෝලික දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු මේ වනවිට මිය ගොස් ඇති බව ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවරයා පවසා තිබෙන්නේ මේ වන විට පුද්ගලයින් 61 දෙනෙකු ප්‍රතිකාර සඳහා අවට රෝහල්වලට ඇතුළත් කර ඇති අතර 26 දෙනෙකු පිටව ගොස් ඇති බවයි.
ප්‍රහාරය සිදුවන විට දේවස්ථානයේ පුද්ගලයන් 127 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.