WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වසර 30ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද පිටියට

Tue, June 21, 2022- Page Views : 0 results

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව් වන එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වේ. දිවා රාත්‍රී තරඟයක් වන මෙම තරඟයද පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.

මෙතෙක් පැවති තරඟ තුනෙන් තරඟ දෙකක් ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුවයි.

ඒ, අනුව අද තරඟය ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට වසර 30ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට හැකිවේ. ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් පරාජය කර තරඟාවලි ජයග්‍රහනයක් අත් කරගෙන ඇත්තේ 1992 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතුවයි.

මෙම තරඟය ජය ගතහොත් වසර 30කට පසු සිය මව් බිමේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරඟාවලි ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවනු ඇත.