WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා සංචාරයට පාකිස්ථානය යළි යෂීර් සාහ් කැඳවයි

Thu, June 23, 2022- Page Views : 0 results

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා නම් කළ පාකිස්තාන සංචිතයට සුපිරි දඟ පන්දුයවන ක්‍රීඩක යෂීර් සාහ් යළි කැඳවා තිබෙනවා. ඒ, වසරකට අධික කාලයකට පසුවයි.

යෂීර් සාහ් යනු තරඟ 46කදී කඬුලු 235 ක් බිඳ හෙලමින් පාකිස්තානයට තරඟ රැසක ජය හිමිකරදීමට ඉවහල්වූ ක්‍රීඩකයෙක්. 2015 වසරේ පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සිදුකළ සංචාරයේදී ඔහු කඬුලු 24 ක් බිද හෙලමින් 02 ට 01 ක් ලෙස තරඟාවලි ජයක් පාකිස්තානයට අත්කර දීමට දායක වුණාය.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා පාකිස්තාන සංචිතය ඊයේ නම් කෙරුණා. ඊට ක්‍රීඩකයින් 18 ක් ඇතුලත්ය. දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ජූලි 16 වනදා ගාල්ලේදී පැවැත්වෙන අතර දෙවන ටෙස්ට් තරඟය ජූලි 24 වනදා කොළඹදී පැවැත්වේ. මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරඟාවලිය යටතේයි.