WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අවසන් තරඟය දිනූ ඔස්ට්‍රේලියානුවන්ගෙන් කහ ඇදුමෙන් ආ ශ්‍රී ලාංකිකයන්ට ආචාර

Sat, June 25, 2022- Page Views : 0 results

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති 05 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 04 ක තියුණු ජයක් අත්කර ගත්තාය. ඒ, ශ්‍රී ලංකා පන්දු යවන්නන් දිගින් දිගටම ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට එල්ල කළ දැඩි පීඩනය හමුවෙයි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 160 ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 08 ක් පන්දුවාර 24 ක් තුළ ලකුණු 85 කට බිඳ වැටුනි. නමුත් පිටියේ එක්වන නවක ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් සමග එක්ව චාමික කරුණාරත්න 09 වන කඩුල්ල සඳහා ලකුණු 58 ක සබඳතාවක් ගොඩ නැගීමට සමත්වුණාය.

එය සටහන් වූයේ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදනෙකු 09 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ දෙවන ඉහළම ලකුණු සබඳතාව ලෙසයි. සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කළ චාමික කරුණාරත්න පන්දු 75 කදී 6 යේ පහර 02 ක් සහ හතරේ පහර 08 ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 75 කි. ප්‍රමෝද් මදුෂාන් ලකුණු 15 ක් රැස් කළාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ටේ්‍රලියාව පන්දුවාර 39 යි පන්දු 3ක් අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 164 ක් රැස්කර ගනිමින් තරගය ජය ගත්තාය. කෙසේවෙතත් ශ්‍රී ලංකා පිළ මෙම තරගාවලිය නිමා කළේ 3 ට 2 ක් ලෙස තරගාවලි ජය අත්කර ගනිමිනි.

තරගයේ වීරයා සම්මානය චාමික කරුණාරත්නට හිමි වුණාය. එක්දින තරග 05 තුලදී ලකුණු 249ක් රැස් කර ගනිමින් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ කුසල් මෙන්ඩිස් මෙලෙස අදහස් පල කළාය.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කෘතගුණ සැලකීම සඳහා එරට ක්‍රිකට් ඇදුමේ පැහැය වන කහ පැහැයෙන් සැරසී තරඟය නැරඹීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් බොහෝ පිරිසක් ස්වේච්ඡාවෙන්ම පැමිණ තිබුණි. ඒ, ඩොලර් අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින ශ්‍රී ලංකාවට සහය වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැක්වූ දායකත්වය හේතුවෙනි.

එලෙස කහ පැහැති වර්ණයෙන් ඊයේ පැවති තරඟය නැරඹීමට ආ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකකයන්ට ස්තූතිය පුද කිරීමටද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් අමතක කළේ නැහැ. තරඟය අවසානයේ පිටියට පිවිසි ඔවුන් ක්‍රීඩාංගනය වටා යමින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට සිය ස්තූතිය පුද කළාය.