ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී
Wed, June 29, 2022- Page Views : 0 results
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වේ. ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා වන්නේ පැට් කමින්ස්.
දෙරට අතර අවසන්වරට පැවැති ටෙස්ට් ක්‍රිකට් තරග 05 න් 03 කම ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. අවසන් වරට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණේ 2019 වසරේදීයි.
සිය මව්බිමේ පැවැති තරග 02 කින් යුත් එම ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණාය.