එංගලන්තයට එරෙහිව රිෂාබ් සහ ජඩේජා ගෙන් ලකුණු 222ක නොබිඳුණු සම්බන්ධතාවයක්
Sat, July 02, 2022- Page Views : 0 results
රිෂාබ් පාන්ට්ගේ සහ රවීන්ද්‍ර ජඩේජාගේ අනගි පිතිහරඹය හේතුවෙන් එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පස්වන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවන විට අවදානම් තත්ත්වයෙන් මිදීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණාය.
දිනය නිමා වන විට ඉන්දීය පළමු ඉණිමේ ලකුණු පුවරුවේ දැක්වුණේ කඩුලු 07කට ලකුණු 338ක් ලෙසයි. ඉන්දීය ඉණිමේ මුල් කඩුලු 05 ලකුණු 98ක් තුළ බිඳ වැටුණි. ඉන් අනතුරුවට පිටියේ එක්වූ රිෂාබ් පාන්ට් සහ රවීන්ද්‍ර ජඩේජා 06 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 222ක සබදතාවක් ගොඩ නැගුවාය.
රිෂාබ් පාන්ට් ලකුණු 146ක් රැස් කළ අතර ඔහුගේ ඉණිමට හතරේ පහර 19ක් සහ හයේ පහර 04ක් ඇතුලත් වුණා. දිනයේ නිමා වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි රවීන්ද්‍ර ජඩේජා ලකුණු 83ක් රැස් කරගෙන සිටියාය. තරඟය පැවැත්වෙන්නේ බර්මින්හැම් හීදීයි.