ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා
Tue, July 05, 2022- Page Views : 0 results
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායාමේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව ඔහු දින 05ක ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේය.
ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළාය.
ඕස්ට්‍රේලියාව සමඟ පැවති පළමු ටෙස්ට් තරඟය අතරතුර ඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනුණි. මේ වන විට ඔහු සුවය ලබමින් සිටින බවත් ඔහුට දෙවන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවාය.