ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි
Thu, July 07, 2022- Page Views : 0 results
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසිත ප්‍රනාන්දුට බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිවේදනය කර සිටියේය.
මිට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස් සහ ප්‍රවීන් ජයවික්‍රමට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණි. කෙසේ වුවද හෙට ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ට ක්‍රීඩා කිරීමට හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේය.