ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේ ශ්‍රී ලංකාව තෙවන ස්ථානය තෙක් ඉදිරියට
Tue, July 12, 2022- Page Views : 0 results
ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගතකිරීම් අනුව තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ. ඒ, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඊයේ දිනයේදී ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහනයත් සමඟයි.
ඊයේ නිමාවට පත් වූ ටෙස්ට් තරඟයෙන් ඉනිමක හා ලකුණු 39ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණාය. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගතකිරීම් අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට පළමු ස්ථානය හිමිව ඇති අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ස්ථානයේ රැදී සිටි.